මව්පිය උපහාර වැඩිහිටි නිවාසය පැල්මඩුල්ල ශ්‍රී ලංකාව ElderHomePelmadulla
ආගමික පූජක උතුමකුගේ හා සාමදාන විනිශ්චකාරවරයෙකුගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි තුමා ප්‍රාදේශීය ලේකම්තුමා නිර්දේශ කරන අසරණ ඩැඩිහිටියකුට සැදෑ සමය සතුටින් අගමානුකූලව ගත කරන්නට අවශ්‍ය වට පිටාව සකසා දීමට මව්පිය උපහාර වැඩිහිටි නිවාසය කාර්්‍ය මණ්ඩලය දිවයිනේ ඕනෑම ගමක නගරයක වෙසෙන පිහිටක් අවැසි අයකුට උපහාර කිරීමට සෑදී පැහැදී සිටි ජළ විදුලි ඖෂධ ආහාරපාන මරණ කටයුතු ගොඩනැගිලි නඩත්තු කටයුතු පරිපාලන වියදම් සඳහා ඔබටත් දායක විය හැකියි පැල්/ස්වේ/00486 දුරකථන 045-2274986 ඹස්ටෙලිකොටුව පැල්මඩුල්ල
Monday, June 19, 2023
Sunday, June 18, 2023
Friday, July 13, 2018
Log Hear>> මව්පිය උපහාර වැඩිහිටි නිවාසය පැල්මඩුල්ල ශ්‍රී ලංකාව
1994 වර්ෂයේදී පැල්මඩුල්ලේ දියගම කරුණාරත්න මහතා විසින් අසරණ වූ වැඩිහිටියන් වෙනුවෙන් වැඩිහිටි නිවාසයක් ආරම්භ කිරීම සඳහා ඒ මහතාට අයිතිව තිබූ පැල්මඩුල්ලේ ඔස්ටෙලිකොටුව නැමැති අක්කර 01ක පමණ භූමි ප්‍රමාණය පැල්මඩුල්ලේ දහම් සරණ බෝසත් ළමා සමාජය වෙත පරිත්‍යාග කරන ලදී.
පැල්මඩුල්ල සිදුහත් ළදරු පාසලේ බෝසත් ළමා සමාජය හා දහම් සරණ සමාජය විසින් මහජන පරිත්‍යාග හා රාජ්‍ය ප්‍රතිපාදන මත ගොඩනැගිල්ල ඉදිකර මව්පිය උපහාර වැඩිහිටි නිවාසය නමින් 1995 මැයි මස 16 වන දින විවෘත කර ජීවිතයේ සැඳෑ සමය කිසිඳු හව්හරණක් නොමැතිව අන්ත අසරණභාවයෙන් යුතුව කල්ගෙවූ මව්පියන් හට හව්හරණ හා රැකවරණය සැලසුවා මෙන්ම වර්තමානයේ මෙන්ම අනාගතයද ඒ සඳහා දොරටු විවරව පවතිනු ඇත.
ඉන්පසුව කේ ඩි කරුණාදාස මහතා විසින් ජීවිතයේ සැදෑ සමය අගමානුකූලව සැහැල්ලූවෙන් හා සතුටින් ගත කිරීමට බුදු මැදුරක් තැනීමට යාබද ඉඩමක්ද පරිත්‍යාග කරන ලදී ධන පරිත්‍යාගී බොහෝ පිරිසකගේ උදව් උපකාර මත ගොඩනැගිලි ඉදිකිරීම හා නවීකරණය නිරන්තරයෙන් සිදු කිරීමට වර්තමාන අධ්යක්ෂ මණ්ඩලයද මහත් කාර්්‍යභාරයක් සිදු කරයි
ගිහි පැවිදි අනුශාසක වරු ගරුසභාපති ගරු ලේකම් ගරු භාණ්ඩාගාරික හා දස දෙනෙක්ගෙන් යුත් කමිටුවක් මගින් පාලන කටයුතු සිදුකරයි.
සියළුම දෙමාපියන් පුන් පොහෝ දින 12 තුල භික්ෂු සංඝයා වැඩමවා පෙහෙවත් සමාදන් කිරීමේ උතුම් පිංකම ධර්මදේව මුහන්දිරම් පවුලේ සහෝදර සහෝදරියන් විසින් සිදු කරයි.
සබරගමු ව පළාත් සභාවේ සමාජ සුභ සාධන පරිවාස හා ළමාරක්ෂක ග්‍රාමිය කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික නඩත්තු මුදල් හා දිවයිනේ නන් දිශාවලින් පැමිණ උපකාර මත මේ දක්වා ජීවිතයේ විවිධ ප්‍රශ්නවලට මුහුණදී අවසාන කාලයේ හව්හරණක් නොමැතිව අසරණවූමව්පිය වයෝවෘධත්වයට පත්වූවන්ට කායික මානසික සුවය සලසන අගනා තෝතැන්නකි
ආගමික පූජක උතුමකුගේ හා සාමදාන විනිශ්චකාරවරයෙකුගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි තුමා ප්‍රාදේශීය ලේකම්තුමා නිර්දේශ කරන අසරණ ඩැඩිහිටියකුට සැදෑ සමය සතුටින් අගමානුකූලව ගත කරන්නට අවශ්‍ය වට පිටාව සකසා දීමට මව්පිය උපහාර වැඩිහිටි නිවාසය කාර්්‍ය මණ්ඩලය දිවයිනේ ඕනෑම ගමක නගරයක වෙසෙන පිහිටක් අවැසි අයකුට උපහාර කිරීමට සෑදී පැහැදී සිටි .
ජළ විදුලි
ඖෂධ
ආහාරපාන
මරණ කටයුතු
ගොඩනැගිලි නඩත්තු කටයුතු
පරිපාලන වියදම්
සඳහා ඔබටත් දායක විය හැකියි.
පැල්/ස්වේ/00486
දුරකථන 045-2274986
ඹස්ටෙලිකොටුව, පැල්මඩුල්ල.
Subscribe to:
Posts (Atom)